Friday, March 29, 2024
Yellow Crowned Woodpecker/Yellow Fronted Pied Woodpecker/ගෝමර කෑරලා/කහ සිළු පිරි කෑරලා [Gomara Kerala/Kaha Silu Piri Kerala] (Leiopicus maharattensis)
Thursday, March 28, 2024
පුංචි සිලිවටුවා/පුංචි හින්නා (Calidris minuta)
වසරේ සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී ප්‍රධාන වශයෙන් වියලි කලාපීය වෙරලාසන්න කලපු, මඩ වගුරු, ලුණු ලේවායන් සහ වැව් අද්දර සුලභව දැකිය හැකි පක්ෂියෙකි. තෙත් කලාපයේ එවන් පරිසර වලද කලාතුරකින් හමුවේ. කුඩා සහ විශාල රංචු වශයෙන් දිවි ගෙවන මෙම පක්ෂියා ජලාශ අද්දර ක්‍රියාකාරී ලෙසින් එහෙ මෙහෙ දුවමින් පහතට යොමු කර ගත් තුඩෙන් මඩේ සිටින කුඩා ජලජ සත්වයන් ගොදුරු කරගනී.
Wednesday, March 27, 2024
Sri Lanka Whistling Thrush/අරංගයා [Arangaya] (Myophonus blighi)
Tuesday, March 26, 2024
ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා/පුල්ලි වල් අවිච්චියා (Geokichla spiloptera)
Friday, March 22, 2024
Marshall's Iora/White-tailed Iora/පෙඳසුදු අයෝරාවා (Aegithina nigrolutea)
Thursday, March 21, 2024
උල්පෙඳ කැස්වටුවා (Gallinago stenura)
Wednesday, March 20, 2024
ගේ කුරුල්ලා (Passer domesticus)
English Post >>
Tuesday, March 19, 2024
බ්‍රාහ්මණ මයිනා (Sturnia pagodarum)
English Post >>
Wednesday, March 13, 2024
සුදු මහ කොකා/මහ සුදු කොකා (Casmerodius alba)
Wednesday, March 6, 2024
කළු රාජාලියා/කළුකුස්සා (Ictinaetus malayaensis)
පහත රට තෙත් කලාපයේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තර සහ වනාන්තර ආශ්‍රීත විවෘත බිම් වල එතරම් සුලභ නොවන ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරයේ වඩාත් සුලභ වන අතර පහත රට වියලි කලාපයේද රිටිගල වැනි හුදකලා කඳු ප්‍රදේශ වල දැක ගත හැක. බොහෝවිට ජෝඩු වශයෙන් කඳු අතරින්, වනාන්තර උඩු වියනට ආසන්නව සෙමින් පාවෙමින් ගොදුරු සොයන කළු රාජාලියා තුරු මුදුන් අතරින් පියාඹමින් කුරුළු කූඩු සහ වැඩුණු කුරුල්ලන් සිටීදැයි විමසිලිමත් වේ. ගස් අතර ඇති කුඩා විවර ඔස්සේ රවුම් කැරකෙමින් පියඹා යෑම සඳහා කළු රාජාලියාට විස්මිත හැකියාවත් ඇත. කුරුළු බිත්තර, කුරුළු පැටවුන් මෙන්ම කොණ්ඩ කුරුල්ලන්, පරෙවියන්, වී කුරුල්ලන් වැනි වැඩුණු පක්ෂීන්ද ගොදුරු කරගන්නා මෙම රාජාලියා ඊට අමතරව කුඩා ක්ෂීරපායීන්ද ආහාරයට ගනී. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේ බොහෝවිට කඳු බෑවුමක වූ උස් ගසක මුදුනේ කෝටු කෑලි විශාල ප්‍රමාණයක් ගොඩගසා තනන කූඩුවක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.
English Post >>
Friday, February 23, 2024
Small Minivet/හීන් ගිණිකුරුල්ලා/පුංචි මිණිවිත්තා[hin Ginikurulla/Punchi Minivitta] (Pericrocotus cinnamomeus)
Sunday, January 21, 2024
White Wagtail/සුදු හැලපෙන්දා (Motacilla alba leucopsis)
සිංහලෙන් කියවන්න >>
Friday, January 19, 2024
Brown-backed Needletail/කටුපෙඳ තුරිතයා/පිටබොර කටු-තුරිතයා [Katupenda Turitaya/Pitabora Katu-Turitaya] (Hirundapus giganteus)
Rather uncommon breeding resident, locally occurs throughout the island, mainly in the rain forest areas though visit open country and forests in other areas. It lives as small flocks or as solitary birds and feeds entirely on flying insects. Brown-backed Needletail breeds from February to April (Harrison J. & Worfolk T., 2011) or August-September (Henry G.M, 1998 & Kotagama, S., Ratnavira, G. 2017) in a big, hollow forest tree. It enter by a hole near the top of the trunk and deposit three to five eggs, without any nest in the bottom of the cavity, often at ground level or even below (Base on Indian observations and so far no nest has been described from Sri Lanka).
Thursday, January 18, 2024
Alpine Swift/මහ තුරිතයා/ඇල්පයින් පිරි-තුරිතයා[Maha Turitaya/Alpine Piri-Turitaya] (Tachymarptis melba)
Tuesday, January 16, 2024
පොදු උකුසුගොයා/කොබෙයි උකුස්සා (Falco tinnunculus)
දිවයින පුරා අතරින් පතර ගහකොළ සහිත විවෘත බිම් වලට උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවෙත්වෙන කාලයේ පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් ලෙසින් මෙන්ම (tinnunculus උප විශේෂය එතරම් සුලභ නොවන ලෙසද, interstinctus උප විශේෂය දුර්ලභවද වාර්තා වේ.) කඳුකරයේ අභිජනනය කරන කුඩා දේශීය ගහණයක් (objurgatus උප විශේෂය) ලෙසින්ද මෙරටින් වාර්තා වේ. විවෘත බිම්, වනාන්තර සහ ලඳු කැලෑ වලද හමුවන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් කටුස්සන් වැනි උරගයන් සහ පළගැටියන් වැනි කෘමීන් ආහාරයට ගනී. එසේම අවස්ථාවක් ලද විට භූමිය මත කූඩු සාදන පක්ෂින්ගේ පැටවුන්ද ගොදුරු කර ගනී. මෙරට තුල අභිජනනය කරන උප විශේෂය මාර්තු සිට ජූනි දක්වා කාලයේ විලෝපිකයන්ට ලගාවිය නොහැකි ප්‍රපාතාකාර බෑවුමක පිහිටි පාෂාණ ගැට්ටක් මත කූඩුවක් නොසාදා බිත්තර දෙකක් හෝ තුනක් තබා අභිජනනය සිදු කරයි. සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල සිටින කාලය තුලදී බොහෝවිට තනි තනි පක්ෂීන් ලෙසින් ඉගිලෙමින්, නිතර එක තැන තටු ගසමින් හෝ උස් ගසක අත්තක් මත වසා අවට නිරීක්ෂණය කරමින් ගොදුරු සොයන ආකාරය දැක ගත හැක.
Sunday, January 14, 2024
කුඩා කොණ්ඩ මුහුදු ලිහිණියා/හීන් කොණ්ඩ සිළුසුවා (Thalasseus bengalensis)
මෙරට වෙරළබඩ ප්‍රදේශ වල පිහිටි ලුණු ලේවායන් සහ වැලි පර වලට මෙන්ම කලපු සහ ගං මෝයවල් වලටද උතුරු අර්ධගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේ පැමිණෙන සංචාරක පක්ෂියෙකි. ඇතැම්විට ගිම්හාන කාලයේ පැමිණෙන පක්ෂීන්ද කලාතුරකින් නිරීක්ෂණය කල හැක. ස්ථානීය වශයෙන් සුලභ පක්ෂියෙක් වන අතර කුඩා හෝ විශාල රංචු ලෙසින් බොහෝවිට වෙනත් මුහුදු ලිහිණින් විශේෂ සමගින් හමුවේ. මාළුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා අතර ජල මතුපිටට ආසන්නව පියාඹා යමින් එක්වර තෝරාගත් මාළුවෙකු වෙත වේගයෙන් කිමිදී අල්ලා ගන්නා මත්ස්‍යයා ගුවනේදීම ගිල දමයි.
English Post >>
Tuesday, January 9, 2024
හිස දුඹුරු මුහුදුකපුටා/බොර හිස් ගලුවියා (Larus brunnicephalus)
English Post >>