English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, April 7, 2024
අලු හැලපෙන්දා (Motacilla cinerera)
Thursday, March 28, 2024
පුංචි සිලිවටුවා/පුංචි හින්නා (Calidris minuta)
වසරේ සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී ප්‍රධාන වශයෙන් වියලි කලාපීය වෙරලාසන්න කලපු, මඩ වගුරු, ලුණු ලේවායන් සහ වැව් අද්දර සුලභව දැකිය හැකි පක්ෂියෙකි. තෙත් කලාපයේ එවන් පරිසර වලද කලාතුරකින් හමුවේ. කුඩා සහ විශාල රංචු වශයෙන් දිවි ගෙවන මෙම පක්ෂියා ජලාශ අද්දර ක්‍රියාකාරී ලෙසින් එහෙ මෙහෙ දුවමින් පහතට යොමු කර ගත් තුඩෙන් මඩේ සිටින කුඩා ජලජ සත්වයන් ගොදුරු කරගනී.
Thursday, March 21, 2024
උල්පෙඳ කැස්වටුවා (Gallinago stenura)
Tuesday, March 19, 2024
බ්‍රාහ්මණ මයිනා (Sturnia pagodarum)
English Post >>
Sunday, January 21, 2024
White Wagtail/සුදු හැලපෙන්දා (Motacilla alba leucopsis)
සිංහලෙන් කියවන්න >>
Tuesday, January 16, 2024
පොදු උකුසුගොයා/කොබෙයි උකුස්සා (Falco tinnunculus)
දිවයින පුරා අතරින් පතර ගහකොළ සහිත විවෘත බිම් වලට උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවෙත්වෙන කාලයේ පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් ලෙසින් මෙන්ම (tinnunculus උප විශේෂය එතරම් සුලභ නොවන ලෙසද, interstinctus උප විශේෂය දුර්ලභවද වාර්තා වේ.) කඳුකරයේ අභිජනනය කරන කුඩා දේශීය ගහණයක් (objurgatus උප විශේෂය) ලෙසින්ද මෙරටින් වාර්තා වේ. විවෘත බිම්, වනාන්තර සහ ලඳු කැලෑ වලද හමුවන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් කටුස්සන් වැනි උරගයන් සහ පළගැටියන් වැනි කෘමීන් ආහාරයට ගනී. එසේම අවස්ථාවක් ලද විට භූමිය මත කූඩු සාදන පක්ෂින්ගේ පැටවුන්ද ගොදුරු කර ගනී. මෙරට තුල අභිජනනය කරන උප විශේෂය මාර්තු සිට ජූනි දක්වා කාලයේ විලෝපිකයන්ට ලගාවිය නොහැකි ප්‍රපාතාකාර බෑවුමක පිහිටි පාෂාණ ගැට්ටක් මත කූඩුවක් නොසාදා බිත්තර දෙකක් හෝ තුනක් තබා අභිජනනය සිදු කරයි. සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල සිටින කාලය තුලදී බොහෝවිට තනි තනි පක්ෂීන් ලෙසින් ඉගිලෙමින්, නිතර එක තැන තටු ගසමින් හෝ උස් ගසක අත්තක් මත වසා අවට නිරීක්ෂණය කරමින් ගොදුරු සොයන ආකාරය දැක ගත හැක.
Sunday, January 14, 2024
කුඩා කොණ්ඩ මුහුදු ලිහිණියා/හීන් කොණ්ඩ සිළුසුවා (Thalasseus bengalensis)
මෙරට වෙරළබඩ ප්‍රදේශ වල පිහිටි ලුණු ලේවායන් සහ වැලි පර වලට මෙන්ම කලපු සහ ගං මෝයවල් වලටද උතුරු අර්ධගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේ පැමිණෙන සංචාරක පක්ෂියෙකි. ඇතැම්විට ගිම්හාන කාලයේ පැමිණෙන පක්ෂීන්ද කලාතුරකින් නිරීක්ෂණය කල හැක. ස්ථානීය වශයෙන් සුලභ පක්ෂියෙක් වන අතර කුඩා හෝ විශාල රංචු ලෙසින් බොහෝවිට වෙනත් මුහුදු ලිහිණින් විශේෂ සමගින් හමුවේ. මාළුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා අතර ජල මතුපිටට ආසන්නව පියාඹා යමින් එක්වර තෝරාගත් මාළුවෙකු වෙත වේගයෙන් කිමිදී අල්ලා ගන්නා මත්ස්‍යයා ගුවනේදීම ගිල දමයි.
English Post >>
Tuesday, January 9, 2024
හිස දුඹුරු මුහුදුකපුටා/බොර හිස් ගලුවියා (Larus brunnicephalus)
English Post >>
Friday, January 5, 2024
පෙඳ කලු මහාවටුවා/කලු පෙඳ ගොහොදුවිත්තා (Limosa limosa)
Thursday, January 4, 2024
අළු ඔලෙයියා/අළු මහ ඔලෙවියා(Pluvialis squatarola)
Wednesday, January 3, 2024
කෙලවලු බස්සා/බොර සුලාවියා (Sula leucogaster)
English Post >>
Friday, December 29, 2023
Brown Booby (Sula leucogaster)
Friday, December 15, 2023
ළයබොර මැසිමාරා/ළයදුඹුරු මැසිමාරා (Muscicapa muttui)
Sunday, April 9, 2023
පඳුරු හම්බුකුරුල්ලා/බලයිත්ගේ පන් රැවියා (Acrocephalus dumetorum)
Saturday, March 11, 2023
පොදු රත්පා සිලිබිල්ලා/පා රතු සිලිවටුවා (Tringa totanus)
සංක්‍රමණික පක්ෂියෙකු වන පොදු රත්පා සිලිබිල්ලා වියලි කලාපයේ වෙරළබඩ ප්‍රදේශ වල නොගැඹුරු මඩ වගුරු, ලේවායන්, කලපු ආදියේ සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන මාස වලදි සුලභව දැකගත හැක. තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අතර කළාතුරකින් රට අභ්‍යන්තරයෙන්ද වාර්තා වේ. කකුළුවන්, මොලුස්කාවන්, පණුවන් වැනි ජලජ සතුන් ගොදුරු කර ගන්නා මෙම පක්ෂියා තනිව හෝ කුඩා රංචු වශයෙන් හැසිරේ. ඇතැම්විට වෙනත් ජලජ පක්ෂීන් සමගද ආහාර සුලභ ස්ථාන වල එක්ව සිටිනු දැකිය හැක. පොදු රත්පා සිලිබිල්ලා මධ්‍යම ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.
English Post >>
Friday, March 10, 2023
රත්තුඩු මුහුදුළිහිණියා/කැස්පියා සාගරළිහිණියා (Sterna caspia)
English Post >>
Saturday, January 21, 2023
Common Snipe/Fantail snipe/අවන්පෙඳ කැස්වටුවා/පොදු කැස්වටුවා[Awanpenda Kaeswatuwa/Podu Keswatuwa] (Gallinago gallinago)
Thursday, January 19, 2023
රැවුල් මුහුදුළිහිණියා/අළුපිය කාඟුල්ළිහිණියා (Chlidonias hybrida)
පහත රට වෙරළට ආසන්න වැව්, කුඹුරු, වගුරු බිම් සහ වෙනත් එවැනි පරිසර වල ඉතාමත් සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. එහෙත් ඇතැම් අවස්ථා වලදී රට අභ්‍යන්තරයේ ඇති ජලාශ ආශ්‍රීත පරිසර වලද හමුවන අතර, කඳුකරයේ පහල ප්‍රදේශ දක්වාම ගමන් කරන බවටද නිරීක්ෂණය කර ඇත. එසේම සංචාරක පක්ෂීන් මෙරට තුල දැකිය නොහැකි මාස වල පවා ඇතැම් පක්ෂීන් මෙරට තුල රැදී සිටී. ජලජ කෘමීන්, කුඩා මාළුන්, ඉස්ගෙඩියන් වැනි සතුන් ගොදුරු කරගන්නා මෙම මුහුදුළිහිණියා එවන් ගොදුරු සොයමින් ජලාශ වලට ඉහලින් හොට පහලට යොමුකරගෙන පහල මට්ටමින් පියාසර කරන ආකාරය සුලභ දසුනකි. වෙහෙස වූ විට නියරක් මත, වැටක, විදුලි රැහැන් මත හෝ වෙනත් එවැනි තැනක වසා සිටී. රැවුල් මුහුදුළිහිණියා උතුරු ඉන්දියාවේ සහ කාශ්මීර් වල ඇති වගුරු බිම් වල සමූහ වශයෙන් අභිජනනය කරයි.
English Post >>
Tuesday, January 17, 2023
හීන් කොහා/කුසළු අනුකොහා (Cacomantis passerinus)
උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන මාසයන්හි මෙරටට සංචාරය කරන පක්ෂියෙකි. එතරම් සුලභ නොවන අතර පහත රට සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වූ ලඳු කැලෑ, විවෘත වන භූමි සහ ගෙවතු වල බොහෝවිට තනි පක්ෂීන් වශයෙන්ද කලාතුරකින් කුඩා රංචු වශයෙන්ද හමුවේ. වියලි කලාපයේ වඩාත් සුලභව හමුවන අතර ඇතැම් පක්ෂීන් සංචාරක පක්ෂීන් මෙරටින් පිටව ගිය පසුවද එම වසරේ ඉතිරි මාස කිහිපය මෙහි ගත කරන බවට නිරීක්ෂණය කර ඇත. කෘමීන් ප්‍රධාන වශයෙන් ආහාර කරගන්නා මෙම කෝකිලයා ගස් අතු අතර, පොළොව මත මෙන්ම ඇතැම් විට ඉගිලෙමින්ද කෘමීන් අල්ලාගනු ලැබේ. මෙරට තුල සිටින කාලයේදී බොහෝවිට නාද නොකරන හීන් කොහා වසරේ ජූලි සිට ඔක්තොබර් දක්වා මාස වල ඉන්දියාවේදී අභිජනනය කරනු ලබයි. වෙනත් බොහෝ කෝකිලයන් මෙන්ම මෙම කොහාද වෙනත් කුරුල්ලන්ගේ කූඩු වල බිත්තර දමන අතර ප්රීනියාවන් සහ බට්ටිච්චන්ගේ කූඩු ඒ සඳහා තෝරාගනී.
English Post >>
Sunday, January 15, 2023
මාළු උකුස්සා/කුරලුකුස්සා (Pandion haliaetus)
දුර්ලභ නමුත් සෑම වසරකම පාහේ උතුරු අර්ධගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේ මෙරටට සංක්‍රමණය කරන පක්ෂියෙකි. වියලි කලාපයේ වෙරළබඩ කලපු, ගංගා මෝයවල් සහ වෙනත් විශාල ජලාශ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් හමුවන අතර ඇතැම්විට තෙත් කලාපයේ සහ කඳුකරයේ ජලාශ වලද වාර්තා වී ඇත. මාළුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා මෙරට තුල සිටින කාලයේදී නාද නොකරන අතර සෞම්‍ය කලාපීය රටවල අභිජනනය කරයි.
English Post >>