Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Wednesday, March 13, 2024
සුදු මහ කොකා/මහ සුදු කොකා (Casmerodius alba)
Sunday, May 1, 2022
කහ මැටිකොකා ( Ixobrychus sinensis)
තෙත් කලාපයේ වගුරු බිම් වල සහ ඇලමාර්ග, වැව් සහ ගංගා ඉවුරු වල ඇති පන්ගාල් ආදියෙහි හමුවන සුලභ දේශීය පක්ෂියෙකි. තවද පහත රට වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල මෙන්ම ඇතැම් විට කඳුකරයේද හමුවේ. එසේම සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පැමිණෙන සංචාරක කහ මැටි කොකුන්ද සිටී. ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන්, ගෙම්බන්, කකුළුවන් සහ ඇතැම් ජලජ කෘමීන් ගොදුරු කරගන්නා කහ මැටි කොකා තනි පක්ෂීන් හෝ ජෝඩු වශයෙන් ඉතා සෙමින් ජලයට ආසන්න ගස් කොළන් අතරින් ගමන් කරමින් ආහාර සොයා යන අතර එක තැන බොහෝ වේලා නොසෙල්වී සිටිමින් එක්වර ගොදුරු ඩැහැ ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. හවස් කාලයේ සහ රාත්‍රියේ වඩාත් ක්‍රියාශීලී මුත් දිවා කාලයේද ඇතැම් විට ගොදුරු සොයා හැසිරේ. මැයි සිට අගෝස්තු අතර කාලයේ ඝන පන් ගාලක පහලින් මධ්‍යට වන්නට හෝ උස් තෘණ පඳුරක පන් ගස් වලින් නොගැඹුරු වේදිකාවක ආකාරයෙන් යුත් කූඩුවක් තනා එහි බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.
Saturday, April 30, 2022
කළු මැටිකොකා (Ixobrychus flavicollis)
පහත රට වගුරු බිම්, පන්ගාල් සහ ජලයට ආසන්නව හොඳින් පඳුරු සහ වැල් වර්ග ඝනව වැඩුන ස්ථාන වල හමුවන දුර්ලභ දේශීය පක්ෂියෙකි. එසේම සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශ වලට සංක්‍රමණය වන සංචාරක කළු මැටිකොකුන්ද සිටී. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාශීලි පක්ෂියෙකු වුවත් ඇතැම් විට දිවා කාලයේ සැඟවි සිටින ජලයට ආසන්න ඝන පඳුරු සහිත ආරක්ෂිත ස්ථානය තුලින් එලියට පැමිණ ඒ ආසන්නයේ මසුන් අල්ලාගන්නා ආකාරයද නිරීක්ෂණය කල හැක. කළු මැටි කොකා ප්‍රධාන වශයෙන් මසුන් ගොදුරු කරගන්නා මුත් ඊට අමතරව ගෙම්බන් සහ කෘමීන්ද ආහාරයට ගනී. මෙරට තුල අභිජනනය කරන කළු මැටි කොකුන් අවස්ථා කිහිපයකදී අප්‍රේල් මාසයේදී වියලි කලාපයේදී නිරීක්ෂණය කර ඇත. ජලයට ආසන්නව පිහිටි ගසක ජලයට ඉහලින් පිහිටි අත්තක කෝටු කැබැලි යොදාගෙන සාදන කුඩා කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි.
English Post >>
Wednesday, March 9, 2022
Chestnut Bittern/Cinnamon Bittern/තඹල මැටි කොකා/කුරුඳු මැටි කොකා (Ixobrychus cinnamomeus)
Rather rare breeding resident of reedbeds and such other vegetations in the marshes, tank edges, paddy fields (When the paddy is well grown) and river banks from lowlands to the hills, while becoming rarer in the up country. It lives solitary or as pairs and feeds on fish, frogs, insects and such other small animals found in aquatic habitats. Chestnut bittern is a partially nocturnal shy bird, though it is not unusual of encountering them during the day time. It breeds from June to July and lays three to five eggs in a nest made out of dry grasses and hidden in reeds or tussock in a marsh.
Sunday, March 6, 2022
ගව කොකා (Bubulcus ibis)
පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශයේ කුඹුරු, වගුරු බිම්, තෘණ භූමි සහ කසළගොඩවල් වල, බොහෝ විට එළ හරක් සහ මී හරකුන් සමග සැරිසරමින් සිටිනු දැකිය හැකි ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. තවද සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී විශාල වශයෙන් ගව කොකුන් මෙරටට පැමිණෙන බව නිරීක්ෂණය වී ඇත. ගවයන් එහෙ මෙහෙ ගමන් කිරීමේදී භුමිය මත සිට පලා යන පලගැටියන් වැනි කෘමි සතුන්, ගෙම්බන්, සහ කුඩා උරගයන් ගොදුරු කර ගැනීමට මේ ආකාරයට ගව කොකා ඔවුන් සමග සැරිසරයි. එසේම ගවයන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන්, මැස්සන් සහ කූඩැල්ලන් වැනි සතුන්ද මේ පක්ෂියා ආහාරයට ගනී. රාත්‍රියට සමූහ වශයෙන් ගස් මත ලැග සිටින ගව කොකුන් දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ කොකුන් සමූහ වශයෙන් කැදලි තනන වතුරෙන් යටවූ ගස් මත කූඩු තනා අභිජනනය කරයි.
English Post >>
Sunday, October 31, 2021
පලා කොකා/කඩොල් කොකා (Butorides striata)
Tuesday, March 23, 2021
කන කොකා (Ardeola grayii)
දිවයින පුරාම පාහේ බහුලව කුඹුරු වල දැකිය හැකි සුලභ පක්ෂියෙකි. එසේම වැව්, වගුරු බිම් සහ කලපු වලද හමුවේ. දිවා කාලයේ ගොදුරු සොයන අතරතුරේ තනි තනි පක්ෂීන් ලෙස හැසිරුනද, සවස් යාමය එලඹීමත් සමග රංචු වශයෙන් රාත්‍රියේ සමූහ වශයෙන් ලැගුම් ගන්නා ගස් මුදුන් කරා පියාඹන කන කොකුන් නිරීක්ෂණය කල හැක. මත්ස්‍යයන්ට අමතරව ගෙම්බන් සහ ජලජ කෘමීන් ආදියද ආහාරයට ගන්න කන කොකා දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන අතර, වෙනත් කොකුන්, දියකාවන් ආදීන් සමග එකම ගස් පෙලක කූඩු තනන ආකාරය දැකිය හැක. ගසක මුදුනේ අතු අතර කෝටු කෑලි එකතු කර තනන වේදිකාවක් වැනි කූඩුවක බිත්තර 3ක් හෝ 4 ක් දමා අභිජනනය සිදු කරයි.
English Post >>
Friday, June 12, 2020
අළු කොකා/කලපු කොකා (Ardea cinerea)
English Post >>
Monday, April 6, 2020
පුංචි සුදුකොකා/පුංචි අනු-කොකා(Egretta garzetta)
English Post >>
Tuesday, March 31, 2020
කරවැල් කොකා (Ardea purpurea )
English Post >>
Friday, December 16, 2016
Black Bittern/කළු මැටිකොකා[Kalu matikoka] ( Dupetor flavicollis[Ixobrychus flavicollis])
Friday, May 16, 2014
Annotated checklist of vagrant Storks, Herons and Egrets (Family: Ciconiidae and Ardeidae) recorded in Sri Lanka
Confirmed vagrants